විසන්ධි කළ ජල සැපයුම වැඩ පරීක්ෂකට මරණ තර්ජනය කර නැවත ලබා ගනී (වීඩියෝ)

වැඩ පරීක්ෂකවරයෙකුට පහර දී ඔහු ඇතුළු ඇතුළු සිව්දෙනා මරා දමන බවට තර්ජනය කර විසන්ධි කළ ජල සැපයුම ලබාගත් පුද්ගලයකුට එරෙහිව බණ්ඩාරගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පහර කෑමට ලක්වූ වැඩ පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාස කිහිපයක සිට ජල බිල්පත නොගෙවීම හමුවේ එකතුව තිබූ රුපියල් 32000ක ගාස්තුවක් හේතුවෙන් සැපයුම විසන්ධි කිරීමට වැඩ පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පයිප්ප වෑද්දුම්කරුවෙකු, කම්කරුවෙකු සහ රියදුරෙකු අද සවස බණ්ඩාරගම මැදගම, මිණිමුතු මාවත ප්‍රදේශයේ නිවසකට ගොස් තිබෙනවා.

එහිදී වැඩ පරීක්ෂකවරයා ජල සැපයුම විසන්ධි කරන බවට නිවැසියන් දැනුවත් කර ඇති අතර පයිප්ප වෑද්දුම්කරු ජල සැපයුම විසන්ධි කර ඇතැයි සඳහන්.

එම අවස්ථාවේ නිවස තුළ සිට පැමිණි පුද්ගලයෙකු ගලකින් වැඩ පරීක්ෂකවරයාට පහරදී අනතුරුව ඔහුගේ කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කර පා පහරක්ද එල්ල කර “දීපන් යකෝ වතුර නැත්තං හතර දෙනාම මරනවා මෙතනම යැයි” සවලක් ගෙන තර්ජනය කර තිබෙනවා. ඊට බිය වූ වැඩ පරීක්ෂකවරයා විසන්ධි කරන ලද ජල සැපයුම යථාවත් කර එම ස්ථානයෙන් සිය පිරිස සමග පිට වී පොලිසියට පැමිණිලි කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බණ්ඩාරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?