විසන්ධි කළ ජල සැපයුම වැඩ පරීක්ෂකට මරණ තර්ජනය කර නැවත ලබා ගනී (වීඩියෝ)

වැඩ පරීක්ෂකවරයෙකුට පහර දී ඔහු ඇතුළු ඇතුළු සිව්දෙනා මරා දමන බවට තර්ජනය කර විසන්ධි කළ ජල සැපයුම ලබාගත් පුද්ගලයකුට එරෙහිව බණ්ඩාරගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පහර කෑමට ලක්වූ වැඩ පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාස කිහිපයක සිට ජල බිල්පත නොගෙවීම හමුවේ එකතුව තිබූ රුපියල් 32000ක ගාස්තුවක් හේතුවෙන් සැපයුම විසන්ධි කිරීමට වැඩ පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පයිප්ප වෑද්දුම්කරුවෙකු, කම්කරුවෙකු සහ රියදුරෙකු අද සවස බණ්ඩාරගම මැදගම, මිණිමුතු මාවත ප්‍රදේශයේ නිවසකට ගොස් තිබෙනවා.

එහිදී වැඩ පරීක්ෂකවරයා ජල සැපයුම විසන්ධි කරන බවට නිවැසියන් දැනුවත් කර ඇති අතර පයිප්ප වෑද්දුම්කරු ජල සැපයුම විසන්ධි කර ඇතැයි සඳහන්.

එම අවස්ථාවේ නිවස තුළ සිට පැමිණි පුද්ගලයෙකු ගලකින් වැඩ පරීක්ෂකවරයාට පහරදී අනතුරුව ඔහුගේ කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කර පා පහරක්ද එල්ල කර “දීපන් යකෝ වතුර නැත්තං හතර දෙනාම මරනවා මෙතනම යැයි” සවලක් ගෙන තර්ජනය කර තිබෙනවා. ඊට බිය වූ වැඩ පරීක්ෂකවරයා විසන්ධි කරන ලද ජල සැපයුම යථාවත් කර එම ස්ථානයෙන් සිය පිරිස සමග පිට වී පොලිසියට පැමිණිලි කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බණ්ඩාරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14