AFC Banner
Empty Ad
Empty Ad

විෂ කටු ඇති හුංගා මාළුවෙක් නාවික සෙබළෙක්ට මරු කැඳවයි

පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි නාවික හමුදා සෙබළෙක් හුංගා මත්ස්‍යයෙකුගේ විෂ ශරීර ගතවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම නාවික හමුදා සෙබළා නිවාඩු ලබා නිවසට පැමිණ සිටිය දී මිතුරෙකු සමඟ එළබටු වැවට දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.

ඔහු දිය නෑමට වැව බැස ඇති අවස්ථාවේ විෂකටු සහිත හුංගා මත්ස්‍යයෙක් පැගී ඇති අතර, පසුව වේදනාවෙන් පසුවෙද්දී මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නාවික හමුදා සෙබළාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පොළොන්නරුව රෝහලට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
8
+1
3
+1
24
+1
147
+1
19
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?