විෂ කටු ඇති හුංගා මාළුවෙක් නාවික සෙබළෙක්ට මරු කැඳවයි

පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි නාවික හමුදා සෙබළෙක් හුංගා මත්ස්‍යයෙකුගේ විෂ ශරීර ගතවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම නාවික හමුදා සෙබළා නිවාඩු ලබා නිවසට පැමිණ සිටිය දී මිතුරෙකු සමඟ එළබටු වැවට දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.

ඔහු දිය නෑමට වැව බැස ඇති අවස්ථාවේ විෂකටු සහිත හුංගා මත්ස්‍යයෙක් පැගී ඇති අතර, පසුව වේදනාවෙන් පසුවෙද්දී මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නාවික හමුදා සෙබළාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පොළොන්නරුව රෝහලට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41