විශේෂ ආරක්ෂාවක් යටතේ කොළොන්නාවේ සිට ඉන්ධන බවුසර් පිටත්කර යැවේ(ඡායාරූප)

හමුදා ඇතුළු ආරක්ෂක අංශවල විශේෂ ආරක්ෂාවක් යටතේ කොළොන්නාව ඛනිජ තෙල් නිමාවේ සිට ඉන්ධන බෙදාහැරීම සිදුකිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු යොදා තිබෙනවා.

ඊයේ රාත්‍රී සිට ඉන්ධන බෙදා හැරීම අඛන්ඩව සිදුකළ බවයි තෙල් සංස්ථාව පවසන්නේ.

නිමාවෙන් පිටත්ව යන සෑම ඉන්ධන බවුසරයක් සඳහාම යුද හමුදාවේ ආරක්ෂාව ලබා දී තිබූ බව අප වාර්තාකරුවන් පැවසුවා.

ඛනිජ තෙල් තොග ගබඩා සංකීර්ණවලින් තෙල් නිකුත් කිරීම නවතා දමමින් තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති, ඊයේ (28) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

සංස්ථාව පෞද්ගලීකරණයට විරෝධය දැක්වීම එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ බව ඔවුන් පවසනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ වර්ජන ක්‍රියාමාර්ග ගන්නා තෙල් සංස්ථා සේවකයින්ට එරෙහිව විනය හා නීති ක්‍රියාමාර්ග ගන්නා බවයි.

අද දිනයේදී ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු පැවසුවා.

WhatsApp Image 2023 03 28 at 21.58.07
WhatsApp Image 2023 03 28 at 21.58.04
WhatsApp Image 2023 03 28 at 21.58.06
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29