AFC Banner
Empty Ad
Empty Ad

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ජනතාවගෙන් කල ඉල්ලීම

ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර වර්ධනය හමුවේ නිවෙස් තුළ දී වුවද මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කර ගන්නා ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු කියා සිටියේ වෛරසය ආසාදනය වීම සඳහා ගත වන්නේ තත්ත්පර 15ක තරම් සුළු වේලාවක් බැවින් ඒ තුළින් ද ආසාදිතයෙකු බවට පත්වීමේ හැකියාවක් පවතින බවයි.

මහනුවර නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක සිටි වැඩිහිටියන් තුන් දෙනෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ එහි සිටි වැඩිහිටියන් 56 දෙනාට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පසුව ඉන් 46 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වුණා.

එමෙන්ම මහරගම පොලීසියට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පවතින තත්ත්වයත් සමග හැකි සෑම අවස්ථාවකම මුඛ ආවරණ පලදින ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලීමක් කරනවා.

දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය සේවකයින් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසනවා.

කොළඹ ජාතික රෝහලේ පමණක් සෞඛ්‍ය සේවකයින් 200කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවයි උන්වහන්සේ කියා සිටියේ.

මේ අතර මුව ආවරණ නොපළදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අද සිට සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය සඳහන් කළා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අම්බලන්තොට සහ ත්‍රිකුණාමළ නගරවල වෙළදසැල් ද මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?