විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ජනතාවගෙන් කල ඉල්ලීම

ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර වර්ධනය හමුවේ නිවෙස් තුළ දී වුවද මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කර ගන්නා ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු කියා සිටියේ වෛරසය ආසාදනය වීම සඳහා ගත වන්නේ තත්ත්පර 15ක තරම් සුළු වේලාවක් බැවින් ඒ තුළින් ද ආසාදිතයෙකු බවට පත්වීමේ හැකියාවක් පවතින බවයි.

මහනුවර නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක සිටි වැඩිහිටියන් තුන් දෙනෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ එහි සිටි වැඩිහිටියන් 56 දෙනාට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පසුව ඉන් 46 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වුණා.

එමෙන්ම මහරගම පොලීසියට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පවතින තත්ත්වයත් සමග හැකි සෑම අවස්ථාවකම මුඛ ආවරණ පලදින ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලීමක් කරනවා.

දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය සේවකයින් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසනවා.

කොළඹ ජාතික රෝහලේ පමණක් සෞඛ්‍ය සේවකයින් 200කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවයි උන්වහන්සේ කියා සිටියේ.

මේ අතර මුව ආවරණ නොපළදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අද සිට සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය සඳහන් කළා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අම්බලන්තොට සහ ත්‍රිකුණාමළ නගරවල වෙළදසැල් ද මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39
Video thumbnail
අපි මේ දෙන්න පුළුවන් උපරිම සහනය දෙනවා - ඉන්ධන මිල අඩුවෙන්ම අඩු කරෙත් මේ ආණ්ඩුවද ?
05:25
Video thumbnail
මන්ත්‍රී අනුරාධ ජයරත්න දීපු පොසොන් පරාටා දන්සල - මිනිස්සු දිගු පෝළිම්වල
04:01
Video thumbnail
හදිසියේම ලයිව් ආපු Mr. කොත්තු කිව්ව දේ - හැම වීඩියෝ එකක්ම ඇත්ත AI නෙවෙයි..ලොකු කලකිරීමක් තියෙනවා
08:04
Video thumbnail
සිසුන් 4ක් එළොව යැවූ වනාතවිල්ලුවේ ඔරු අනතුරේ නවතම දර්ශන - "ඔක්කොම හිටියේ මඩේම තමයි..හොයන්න බෑ"
01:31
Video thumbnail
පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති හමුවෙයි - එල්නිනෝ තත්ත්වය ගැන දීර්ඝ සාකච්ඡාවක්
02:53
Video thumbnail
මවක් එළොව යවමින් සඳහිරු සෑය අසළ සිදුවූ බිහිසුණු අනතුර - තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
ගොවි ජනතාව රජ කරන යුගය බිහි කරන්නේ අපි - ඔබට බැරිනම් අපි වගකීම ගන්න සූදානම්
05:51