විශ්‍රාම වැටුප් අද සිට

විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට ආරම්බ වන අතර එය අද(10), හෙට(11) සහ අනිද්දා(12) යන දින වල අදාල මුල්‍ය ආයතන සහ තැපැල් කාර්යාල වලින් ලබා ගත හැකියි.

ඒ අනුව විශ්‍රාම වැටුප් ලබාගැනීමට යන පුද්ගලයින්ට අවසර පත්‍ර අවශ්‍ය නොවන අතර එසේ යාමට නොහැකි පුද්ගලයින්ට ගමන් කිරීමට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

එම පහසුකම ලබා නොගන්නා අයට විශ්‍රාමික හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත හෝ දෙපාර්තමේන්තුවෙන් එවූ කෙටි පණිවුඩය පෙන්වා ගමන් කිරීමට අවසර පවතින බවයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය නිවේදනය කළේ.

මේ අතර සියලුම රජයේ හා පෞද්ගලික බැංකු සහ තැපැල් කාර්යාල අද (10) සහ හෙට (11) දිනවල විවෘතව තබන අතර තැපැල් කාර්යාල 12 වන සෙනසුරාදා ද විවෘතව තැබීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?