විශ්ව විද්‍යාලයක් තුළ සිදු වූ අනතුරකින් හිමිනමක් අපවත් වෙයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි හිමිනමක් විශ්වවිද්‍යාලය තුළ සිදුවී කිසියම් සැක කටයුතු සිදුවීමකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (03) අපවත් වී තිබෙනවා.

මෙලෙස අවසනාවන්ත ලෙස අපවත් වී ඇත්තේ ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදිව සිටි පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ සුමංගල නැමැති 24 හැවිරිදි හිමිනමක් බවයි වාර්තාවන්නේ.

අදාළ හිමිනම පසුගිය 26 දින අලුයම 02.30ට පමණ භික්ෂු නේවාසිකාගාරයේ දෙවන මහලින් ඇද වැටීමෙන් පසු සිසුන් විසින් විශ්වවිද්‍යාලයට බාහිරින් ගෙන්වාගත් ත්‍රීරෝද රථයකින් හෝමාගම රෝහලට ඇතුළත් කීරීමට උත්සාහය කොට, පසුව එම ත්‍රීරෝද රථයයෙන්ම කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බව පැවසෙනවා.

විශ්වවිද්‍යාලයීය පරිපාලනය මේ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් වීමක් සිදුවී නැතැයි ද වාර්තා වේ.

කෙසේ වෙතත් සුසුම්නාවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සැත්කමකට ද භාජනය කර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශිෂ්‍ය හිමිනම ඊයේ (03) අපවත් වී තිබෙනවා.

මෙම මරණය සැක සහිතබවට අපවත් වූ හිමියන්ගේ ගුරු හාමුදුරුවන් සහ මව්පියන් ප්‍රකාශ කොට ඇති අතර, විශ්වවිද්‍යාලය භාරයේ සිටි ශිෂ්‍යයක් මෙලෙස අවාසනාවන්ත ලෙස මිය යාමට විශ්වවිද්‍යාල පරිපාලනයේ වගකීම් විරහිත ක්‍රියාකාරිත්වය හේතු වී ඇති බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
3
+1
0
+1
18
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03


?