විශ්වාසභංගය ගැන තවත් සාකච්ඡාවක්

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව එළැඹෙන පාර්ලිමේන්තු සතියේ දී බොහෝ දුරට කතානායකවරයාට ලබාදීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඊට අදාළව එළැඹෙන 17 වැනිදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවද ඔහු කියා සිටියා.

මේ අතර, දෙමළ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව සමගි ජනබලවේගය කථානායකවරයාට ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගයට සහ දෝෂාභියෝග යෝජනාවට අත්සන් කර තිබෙනවා.

මේ අතර, ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධින වූ පක්ෂ එකොලහේ නියෝජිතයින් ඊයේ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මෙම විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසනු ලැබුවා.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ විමල් වීරවංශ පිළිතුරු ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?