විශ්වාසභංගය ගැන තවත් සාකච්ඡාවක්

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව එළැඹෙන පාර්ලිමේන්තු සතියේ දී බොහෝ දුරට කතානායකවරයාට ලබාදීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඊට අදාළව එළැඹෙන 17 වැනිදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවද ඔහු කියා සිටියා.

මේ අතර, දෙමළ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව සමගි ජනබලවේගය කථානායකවරයාට ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගයට සහ දෝෂාභියෝග යෝජනාවට අත්සන් කර තිබෙනවා.

මේ අතර, ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධින වූ පක්ෂ එකොලහේ නියෝජිතයින් ඊයේ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මෙම විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසනු ලැබුවා.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ විමල් වීරවංශ පිළිතුරු ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03