AFC Banner
Empty Ad
Empty Ad

විශ්‍රාමිකයින්ට අතුරු දීමනාවක් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැප්තැම්බර් මස දීමනාව ද සමඟ ඔක්තෝබර් මාසයේ සිට එම දීමනාව ලබාදීමට නියමිතයි.

එම චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ද යොමු කර තිබෙනවා.

මෙම චක්‍රලේඛය අනුව සියලුම රජයේ විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3,000ක අතුරු දීමනාවක් ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
45
+1
2
+1
6
+1
2
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?