විශ්මා සඳමාලි ගැන ප්‍රකාශය නිසා ජපාන මන්ත්‍රීවරියට චෝදනා

ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයක සිටියදී මියගිය විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් වන Mizuho Umemura පාර්ලිමේන්තු කාරක සභාවකින් ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලාංකික තරුණියක් ආගමන මධ්‍යස්ථානයකදී මියයාම සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මතබේධාත්මක තත්වයක් නිර්මාණය වීමෙන් පසු පක්ෂ නිලධාරීන් ද සමාව ඉල්ලා සිටීමටයි කටයුතු කළේ.

33 හැවිරිදි විශ්මා සඳමාලි නැගෝයා ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේදී මිය ගියේ තමා අසනීපයෙන් සිටින බවට සහ ඊට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව නිලධාරීන්ට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

ඇය රඳවා සිටි කාමරයේ තිබූ ආරක්ෂිත කැමරාවකින් ලබාගත් වීඩියෝ පටවලින් පෙනී යන්නේ රෝහලට ගෙන යන ලෙස ඇය නැවත නැවතත් ආගමන විගමන නිලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද ඉන් ඵලක් නොවන බවයි.

ඇය ආහාර ලබාගෙන නොමැති අතර තමාට හැකි නම් තමා ආහාර ලබා ගන්නා බවට ඇය නිලධාරීන්ට පවසන ආකාරය එක් වීඩියෝ පටයක දැක්වෙනවා.

එහෙත් මේ සම්බන්ධයෙන් නිශ්චිත සාක්ෂි ඉදිරිපත් නොකර Mizuho Umemura මන්ත්‍රීවරිය අවස්ථා තුනකදී ඉහල මන්ත්‍රී මණ්ඩලයට පවසා සිටියේ විෂ්මා ආහාර වර්ජනයක ප්‍රතිඵලයක් ලෙස මිය යන්නට ඇති බවයි. ආහාර ලබා නොගැනීමෙන් ඇතිවන අසනීපයක් හේතුවෙන් මධ්‍යස්ථානයෙන් ඉක්මනින් නිදහස් වීමේ බලාපොරොත්තුවෙන් ඇය එසේ කළ බවටයි මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ.

ඇයගේ ප්‍රකාශය ජපානයේ ආන්දෝලනාත්මක තත්වයක් ඇති කළ අතර අනෙකුත් පාලක සහ විපක්ෂ නායකයින්ගේ විවේචනයට ද ලක්වුණා.

අනතුරුව Mizuho Umemura පසුගිය අඟහරුවාදා අධිකරණ කටයුතු කමිටුවකදී පිළිගත්තේ තමා මෙම ප්‍රකාශය හුදෙක් අනුමාන කිරීමක් පමණක් බවයි. මේ අතර Nippon Ishin පක්ෂ මහලේකම් Fumitake Fujita පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනය කළේ තම පක්ෂය Mizuho Umemuraට අධිකරණ කටයුතු කමිටුවෙන් ඉල්ලා අස්වීමට බල කර ඇති බවයි. එමෙන්ම ඇය සම්බන්ධයෙන් වෙනත් විනය ක්‍රියාමාර්ග ගත හැකි බවද මහලේකම්වරයා ප්‍රකාශ කර තිබුණා.

“උමේමුරා ඇගේ උපකල්පන මත පදනම් වූ චිත්තවේගීය ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම අතිශයින්ම ගැටළු සහගත සහ නුසුදුසු ය. පක්‍ෂයේ විධායක කමිටුව සමාව අයැදීමට කැමතියි,” යනුවෙන් Fumitake Fujita ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකික කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් ආගමන සේවා නියෝජිතායතනයේ ප්‍රධානියා සමාව අයැද සිටි අතර, නගෝයා මධ්‍යස්ථානයේ නිලධාරීන් හතර දෙනෙකුට විනය පියවර ගැනුණා. විශ්මා ගේ පවුලේ සාමාජිකයන් ජපාන රජයට එරෙහිව නඩු පවරා ඇති අතර වන්දි වශයෙන් පවුම් මිලියන 156ක් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58