AFC Banner
AFC Banner
Empty Ad

විවේචනය කරනවා නම් විකල්පයක් දෙන්න – ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන හිටපු ජනපති මෛත්‍රී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක

දේශීය රාජ්‍ය ණය ප්‍රශස්ථකරණය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු යෝජනාව රටේ ජාතික ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදයට පිළියම් සෙවීම වෙනුවේන සැළකිය යුතු සහයෝගයක් දක්වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අදාළ යෝජනාවේ කරුණු කිහිපයක් පමණක් තවදුරටත් සංවාදයට භාජනය කළ යුතුව ඇති බවයි.

යෝජිත ප්‍රශස්ථකරණ සැලසුම් මගින් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ දුගී භාවය අවම කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ද දායකත්වය ලබා ගැනීමට අපේක්ෂිත බවත් එබැවින් මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොමැති බවට තමා සමග සාකච්ඡා කළ ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා.

එබැවින් රට මේ අවස්ථාවේ මුහුණ දී ඇති අසීරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව යම් පාර්ශවයක් විවේචනය කරන්නේ නම් ඔවුන් ඒ සඳහා විකල්ප යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම කාර්යයේදී රට සහ ජනතාව ගැන සිතා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

My3 Letter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?