විවේචනය කරනවා නම් විකල්පයක් දෙන්න – ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන හිටපු ජනපති මෛත්‍රී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක

දේශීය රාජ්‍ය ණය ප්‍රශස්ථකරණය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු යෝජනාව රටේ ජාතික ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදයට පිළියම් සෙවීම වෙනුවේන සැළකිය යුතු සහයෝගයක් දක්වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අදාළ යෝජනාවේ කරුණු කිහිපයක් පමණක් තවදුරටත් සංවාදයට භාජනය කළ යුතුව ඇති බවයි.

යෝජිත ප්‍රශස්ථකරණ සැලසුම් මගින් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ දුගී භාවය අවම කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ද දායකත්වය ලබා ගැනීමට අපේක්ෂිත බවත් එබැවින් මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොමැති බවට තමා සමග සාකච්ඡා කළ ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා.

එබැවින් රට මේ අවස්ථාවේ මුහුණ දී ඇති අසීරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව යම් පාර්ශවයක් විවේචනය කරන්නේ නම් ඔවුන් ඒ සඳහා විකල්ප යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම කාර්යයේදී රට සහ ජනතාව ගැන සිතා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

My3 Letter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22