සියලු සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය අංග පිළිබඳ සරල අවබෝධයක් සහ හඳුනාගැනීමක් සියලු ශ්‍රී ලාංකික සිසුන්ට ලබා දීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ, තුළින් අන්‍යෝන්‍ය ගෞරවය සහ සැබෑ සංහිඳියාව ඇති වන බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර සිටියේ.
ඉස්ලාම් ආගමික උපදේශක මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
පාසල් පාදක ක්‍රියාකාරකම් සඳහා වැඩි නැඹුරුවක් ඇති කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණක් වන බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අනතුරුව සිසුන් ක්‍රියාකාරකම් මූලික අධ්‍යාපන ක්‍රමවේදයක් සඳහා යොමු වීම හරහා ඉදිරියේ දී පාසල්වල ආගමික අධ්‍යාපනය ද ක්‍රියාකාරකම් පාදක වනු ඇති බවත් ඇය මෙහි දී වැඩිදුරටත් පැවසුවා.
සිංහල මාධ්‍යයෙන් ඉස්ලාම් විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් බඳවා ගැනීම පිළිබඳ කරන ලද යෝජනාවට පිළිතුරු ලෙස අදාළ සංඛ්‍යාලේඛන විමසා බලා දත්ත මත පදනම් ව අවශ්‍යතාව අනුව බඳවා ගැනීම් කළ හැකි බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා.





