විවිධ සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය මගින් සිසුන් තුළ සැබෑ සංහිඳියාව ඇති කළ හැකියි – අගමැතිනිය

සියලු සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය අංග පිළිබඳ සරල අවබෝධයක් සහ හඳුනාගැනීමක් සියලු ශ්‍රී ලාංකික සිසුන්ට ලබා දීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ, තුළින් අන්‍යෝන්‍ය ගෞරවය සහ සැබෑ සංහිඳියාව ඇති වන බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර සිටියේ.

ඉස්ලාම් ආගමික උපදේශක මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

පාසල් පාදක ක්‍රියාකාරකම් සඳහා වැඩි නැඹුරුවක් ඇති කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණක් වන බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අනතුරුව සිසුන් ක්‍රියාකාරකම් මූලික අධ්‍යාපන ක්‍රමවේදයක් සඳහා යොමු වීම හරහා ඉදිරියේ දී පාසල්වල ආගමික අධ්‍යාපනය ද ක්‍රියාකාරකම් පාදක වනු ඇති බවත් ඇය මෙහි දී වැඩිදුරටත් පැවසුවා.

සිංහල මාධ්‍යයෙන් ඉස්ලාම් විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් බඳවා ගැනීම පිළිබඳ කරන ලද යෝජනාවට පිළිතුරු ලෙස අදාළ සංඛ්‍යාලේඛන විමසා බලා දත්ත මත පදනම් ව අවශ්‍යතාව අනුව බඳවා ගැනීම් කළ හැකි බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීම අති සාර්ථක වෙයි
01:05
Video thumbnail
නාමල් රාජපක්ෂ වෙනුවෙන් දෙයියෝ ළඟට ගිය මිනිස්සු අත් දෙක එකතු කරලා ඉල්ලපු ඉල්ලීම..
00:11
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බේරුවල මහා ජන රැළිය
00:00
Video thumbnail
නාමල් වෙනුවෙන් රනිල් හඬ නගයි
00:35
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21