විවාහක රූ රැජිණගේ වෛද්‍ය වාර්තාවක් කැඳවයි

යළි විවාහක රූ රැජිණ කිරුළ හිමිවූ පුෂ්පිකාද සිල්වා පොලීසිය වෙත කළ පැමිණිල්ලේ විමර්ශනවලට අදාළව වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ කිරුළ බලහත්කාරයෙන් ඇයගේ හිසෙන් ඉවත් කිරීමේදී තුවාල සිදු වූවා යැයි කියන සිද්ධිය තහවුරු කර ගැනීම සඳහා එම වෛද්‍ය වාර්තා ලබා ගන්නා බවයි.

පැමිණිල්ලට අදාලව ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ හිමි කර ගත් කැරොලයින් ජූරි ඇතුළු 8 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

පසුගිය 4 වන දා පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූ පුෂ්පිකා ද සිල්වා කිරුළ පැළද සුළු මොහොතකට පසු පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ හිමි කර ගත් කැරොලයින් ජූරි විසින් එය ඇයගේ හිසෙන් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබුවා.

ඒ, ඇය දික්කසාද කාන්තාවක් බව ප්‍රකාශ කරමින්.   කෙසේ වෙතත් ඒ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවීම හේතුවෙන් ඊයේ දිනයේදී නැවත පුෂ්පිකාද සිල්වාට කිරුළ ලබා දී තිබූ අතර ඇය මාධ්‍ය හමුවකටද සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?