විවාහක රූ රැජිණගේ වෛද්‍ය වාර්තාවක් කැඳවයි

යළි විවාහක රූ රැජිණ කිරුළ හිමිවූ පුෂ්පිකාද සිල්වා පොලීසිය වෙත කළ පැමිණිල්ලේ විමර්ශනවලට අදාළව වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ කිරුළ බලහත්කාරයෙන් ඇයගේ හිසෙන් ඉවත් කිරීමේදී තුවාල සිදු වූවා යැයි කියන සිද්ධිය තහවුරු කර ගැනීම සඳහා එම වෛද්‍ය වාර්තා ලබා ගන්නා බවයි.

පැමිණිල්ලට අදාලව ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ හිමි කර ගත් කැරොලයින් ජූරි ඇතුළු 8 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

පසුගිය 4 වන දා පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූ පුෂ්පිකා ද සිල්වා කිරුළ පැළද සුළු මොහොතකට පසු පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ හිමි කර ගත් කැරොලයින් ජූරි විසින් එය ඇයගේ හිසෙන් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබුවා.

ඒ, ඇය දික්කසාද කාන්තාවක් බව ප්‍රකාශ කරමින්.   කෙසේ වෙතත් ඒ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවීම හේතුවෙන් ඊයේ දිනයේදී නැවත පුෂ්පිකාද සිල්වාට කිරුළ ලබා දී තිබූ අතර ඇය මාධ්‍ය හමුවකටද සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50