විරෝධයට වඩා යමක් අවශ්‍යයි – මාර්කෝස්ගෙන් දරුණු ප්‍රකාශයක්

පසුගිය සතියේ දකුණු චීන මුහුදේ දී තම නාවික හමුදාවට එරෙහිව චීනයේ “නීති විරෝධී ක්‍රියාමාර්ගයට” විරෝධය දැක්වීමට වඩා වැඩි යමක් පිලිපීනය කළ යුතු බව ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් පවසනවා.

චීන වෙරළාරක්ෂක බළකාය විසින් එල්ල කළ ප්‍රහාරයකින් පිලිපීන සෙබලෙක් තුවාල ලැබූ අතර, එම ක්‍රියාවන් නීත්‍යානුකූල බව පවසමින් චීනය අදහස් පළ කිරීම මතභේදයට තුඩු දී තිබෙනවා.

“අපි විරෝධතා සියයකට අධික ප්‍රමාණයක් ගොනු කර ඇත, අපිට ඊට වඩා දෙයක් කරන්න වෙනවා ,” මාකෝස් මැනිලා හි දී වාර්තාකරුවන්ට පැවසුවා.

සිද්ධියේ දී වෙඩි තැබීමක් සිදුනොවූ අතර, එබැවින් චීන ක්‍රියාව සන්නද්ධ ප්‍රහාරයක් ලෙස සැලකිය නොහැකි බව මාකෝස් වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් මතභේදයට තුඩු දී ඇති දෙවන තෝමස් ෂෝල් හි ස්ථානගත කර ඇති පිලිපීන හමුදාවන්ට නැවත සැපයීම නැවැත්වීමට එය “හිතාමතා කළ ක්‍රියාවක්” ලෙසින් හැඳින්වූවා.

මෙම ප්‍රකාශය පිළිබඳ අදහස් දැක්වීමට රොයිටර්ස් කළ ඉල්ලීමට මැනිලා හි චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

චීනයේ ක්‍රියාව හෙළා දැක ඇති එක්සත් ජනපදය, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඔහුගේ පිලිපීන සහකරු අතර දුරකථන ඇමතුමකින් පිලිපීනය සඳහා වූ තම කැපවීම යළි තහවුරු කළා.

එම රටවල ජාතික ආරක්ෂක උපදේශකයින් ද චීනයේ “භයානක සහ උත්සන්න කිරීමේ ක්‍රියා” ගැන කතා කළ බව ධවල මන්දිරය පවසනවා.

දකුණු චීන මුහුදේ දී ගුවන් යානා හෝ පොදු යාත්‍රාවලට සන්නද්ධ ප්‍රහාරයකට එරෙහිව පිලිපීනය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය දශක හතක් පැරණි අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට බැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54


?