විරෝධයට වඩා යමක් අවශ්‍යයි – මාර්කෝස්ගෙන් දරුණු ප්‍රකාශයක්

පසුගිය සතියේ දකුණු චීන මුහුදේ දී තම නාවික හමුදාවට එරෙහිව චීනයේ “නීති විරෝධී ක්‍රියාමාර්ගයට” විරෝධය දැක්වීමට වඩා වැඩි යමක් පිලිපීනය කළ යුතු බව ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් පවසනවා.

චීන වෙරළාරක්ෂක බළකාය විසින් එල්ල කළ ප්‍රහාරයකින් පිලිපීන සෙබලෙක් තුවාල ලැබූ අතර, එම ක්‍රියාවන් නීත්‍යානුකූල බව පවසමින් චීනය අදහස් පළ කිරීම මතභේදයට තුඩු දී තිබෙනවා.

“අපි විරෝධතා සියයකට අධික ප්‍රමාණයක් ගොනු කර ඇත, අපිට ඊට වඩා දෙයක් කරන්න වෙනවා ,” මාකෝස් මැනිලා හි දී වාර්තාකරුවන්ට පැවසුවා.

සිද්ධියේ දී වෙඩි තැබීමක් සිදුනොවූ අතර, එබැවින් චීන ක්‍රියාව සන්නද්ධ ප්‍රහාරයක් ලෙස සැලකිය නොහැකි බව මාකෝස් වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් මතභේදයට තුඩු දී ඇති දෙවන තෝමස් ෂෝල් හි ස්ථානගත කර ඇති පිලිපීන හමුදාවන්ට නැවත සැපයීම නැවැත්වීමට එය “හිතාමතා කළ ක්‍රියාවක්” ලෙසින් හැඳින්වූවා.

මෙම ප්‍රකාශය පිළිබඳ අදහස් දැක්වීමට රොයිටර්ස් කළ ඉල්ලීමට මැනිලා හි චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

චීනයේ ක්‍රියාව හෙළා දැක ඇති එක්සත් ජනපදය, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඔහුගේ පිලිපීන සහකරු අතර දුරකථන ඇමතුමකින් පිලිපීනය සඳහා වූ තම කැපවීම යළි තහවුරු කළා.

එම රටවල ජාතික ආරක්ෂක උපදේශකයින් ද චීනයේ “භයානක සහ උත්සන්න කිරීමේ ක්‍රියා” ගැන කතා කළ බව ධවල මන්දිරය පවසනවා.

දකුණු චීන මුහුදේ දී ගුවන් යානා හෝ පොදු යාත්‍රාවලට සන්නද්ධ ප්‍රහාරයකට එරෙහිව පිලිපීනය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය දශක හතක් පැරණි අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට බැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03