මහියංගණයේ පිහිටි වියානි ඇළ මාර්ගයට අද (15) පෙරවරුවේ මෝටර් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
අධික වේගයෙන් පැමිණි මෙම මෝටර් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇළ මාර්ගයට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බුත්තල – ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනකු මෙලෙස ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මොවුන් පැමිණ ඇත්තේ බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේයි.
අනතුරට ලක් වූ මෝටර් රථය මේ වන විට ජලයෙන් ගොඩට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
9
+1
1
+1





