වියළි කාලගුණයෙන් ලක්ෂයකට ආසන්න පිරිසකට පීඩා

දිවයිනේ පවතින නියඟයෙන් දිස්ත්‍රික්ක නවයක ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

පවතින වියළි කාලගුණය හේතුවෙන් යාපනය, මුලතිව්, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, රත්නපුර, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවල පවුල් 30,862ක පුද්ගලයින් 99,594 දෙනෙකු පානීය ජල හිඟයට මුහුණ පා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

යාපනයේ පුද්ගලයින් 69,000කට අධික පිරිසක් නියඟයෙන් පීඩාවට පත්ව ඇති අතර ජූනි මාසයේ සිට වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ චංකානයි ප්‍රදේශයයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙනු ඇති බවයි.

නිරිතදිග මෝසම් වර්ෂාව මේ වසරේ ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලබා නොදුන්නේ එල්නිනෝ බලපෑම නිසා විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

වාර්ෂිකව ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැඩිම වර්ෂාපතනයක් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39