AFC Banner
Empty Ad
Empty Ad

වියළි කාලගුණයෙන් ලක්ෂයකට ආසන්න පිරිසකට පීඩා

දිවයිනේ පවතින නියඟයෙන් දිස්ත්‍රික්ක නවයක ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

පවතින වියළි කාලගුණය හේතුවෙන් යාපනය, මුලතිව්, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, රත්නපුර, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවල පවුල් 30,862ක පුද්ගලයින් 99,594 දෙනෙකු පානීය ජල හිඟයට මුහුණ පා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

යාපනයේ පුද්ගලයින් 69,000කට අධික පිරිසක් නියඟයෙන් පීඩාවට පත්ව ඇති අතර ජූනි මාසයේ සිට වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ චංකානයි ප්‍රදේශයයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙනු ඇති බවයි.

නිරිතදිග මෝසම් වර්ෂාව මේ වසරේ ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලබා නොදුන්නේ එල්නිනෝ බලපෑම නිසා විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

වාර්ෂිකව ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැඩිම වර්ෂාපතනයක් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?