AFC Banner
AFC Banner
Empty Ad

වියළි කාලගුණයත් සමඟ ජල සම්පාදනයෙන් දැනුම්දීමක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා ඇති වී තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන්නේ උදෑසන සහ සවස් කාලයේ ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුමට බාධා ඇති විය හැකි බවයි.

ඊට අමතරව අනෙකුත් ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

වියළි කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය වැඩිවීම මෙම බාධාවන්ට හේතු වන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

මෙම කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් හා වගකීමෙන් යුතුව භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වත්මන් අභියෝග තිබියදීත්, සැලසුම් කළ ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට තවමත් තීරණය කර නොමැත් බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් පූර්වාරක්ෂාවක් ලෙස ජලය ගබඩා කර තබාගන්නා ලෙසට මහජනතාවට උපදෙස් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?