AFC Banner
Empty Ad
Empty Ad

වියදම් වාර්තා භාර නොදුන් ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ නම් එළියට

පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් අපේක්ෂකයින් 35 දෙනෙක් මැතිවරණ වියදම් වාර්තා ඊයේ (13) මධ්‍යම රාත්‍රිය වන විට භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

ඒ, අනුව එම වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයින් අවසන් ලැයිස්තුව මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

අපේක්ෂකයින් තිදෙනෙක් මෙම මැතිවරණ වියදම් වාර්තා වාර්තා භාර දී නොමැති අතර, ජනසෙත පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බත්තරමුල්ලේ සීලරතන හිමි, ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග වැදුණු සරත් කීර්තිරත්න සහ ජනාධිපති අපේක්ෂක අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් මෙලෙස වියදම් වාර්තා භාර දී නොමැති බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර සඳහන් කර තිබුණේ නියමිත දිනට පෙර අදාළ වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂකයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

වියදම් වාර්තා ඉදිරිපත් කළ අපේක්ෂකයින්ගේ නම් ඇතුළත් නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?