කාබන් කම්හලක පිපිරීමක් – අයෙක් මරුට; 19කට තුවාල (වීඩියෝ)

දිවුලපිටිය බඩල්ගම – මීගමුව මාර්ගයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදු වූ හදිසි පිපිරීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (14) පෙරවරුවේ මෙම පිපිරීම සිදු ව ඇත්තේ එම ප්‍රදේශයේ පිහිටා ඇති කාබන් නිෂ්පාදනය කර, අපනයනය සිදු කරන කර්මාන්ත ශාලාවක බවයි බඩල්ගම පොලිසිය පැවසුවේ.

පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

කර්මාන්තශාලාවේ තිබූ බොයිලේරුවක් පුපුරා යාමෙන් මෙම පිපිරීම සිදුව ඇති අතර තුවාලකරුවන් මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.