රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (14) මස හයක සිර දඬුවම් නියම කළා.
අදාළ බදු මුදල් ගෙවන ලෙසට 2023/11/14 අධිකරණය නියෝග කර තිබියදී එම බදු මුදල් නොගෙවා පැහැර හැරීම හේතුවෙනුයි මෙම දඬුවම නියම කළේ.
අදාළ නඩුව කැඳවීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර වගඋත්තරකරුවන් අද දිනයේදී අදාළ බදු මුදල් නොගවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කරන බව මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියා.
වග උත්තරකරුවන් මීට පෙර නඩු දිනයේ දී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය මගින් වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.
2016 සහ 2019 අතර කාලය තුළ රජයට අය විය යුතු වැට් බදු මුදලවන රුපියල් බිලියන 3.5ක් ගෙවන ලෙසට විත්තිකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙම නඩුව පවරා තිබුණා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර, විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ චානක්ඛයා ලියනගේ මහත්මිය පෙනී සිටියා.














WHO is Going pay 2.2 billions of Rupees payment,
AND We , People must bear that cost of Prison Boarding For them also??? 😉🙂🙂😉
This is wot we expected from Law and order from any country .I am sure every one in this planet would appreciate this decision .Well done finally ..
දඩ ගෙවන්න ඕන නැතෙයි එතකොට.මාරයි.කෝටි 250ට මාස 6යි.