ජනාධිපති අපේක්ෂකයින් 38න් 35ක් මැතිවරණ වියදම් වාර්තා භාරදීලා

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනෙක් ඊයේ (14) දිනය අවසන් වනවිට මැතිවරණ වියදම් වාර්තා භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

එම අපේක්ෂකයින්ට අදාළ වියදම් වාර්තා භාරදීම සඳහා ලබා දී තිබූ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

මෙවර ජනධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයින් 38 දෙනෙක් තරග වැදුනා.

මේ අතර දේශපාලන පක්ෂ 28 කින් එම පක්ෂවල වියදම් වාර්තා භාර දී ඇති බවයි සභාපතිවරයා අද (14) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර සඳහන් කළේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21 ක් ඇතුළත අදාළ වියදම් වාර්තා ලබා දිය යුතු බවයි.

ඒ, අනුව අදාළ කාලය තුළ එම වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එම කොමිෂන් සභාව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15