අදානි සමාගමට දුන් සුළං බලාගාර ව්‍යාපෘති අවසරය ගැන යළි සලකා බැලීමට තීරණයක්

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (14) කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවා.

අදාළ පෙත්සම් අද එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

වනජීවී හා ස්වාභාවික සම්පත් ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේ දී අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සහ බලශක්ති අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ මස 07 වනදා යෝජිත සුළං බල ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගත් බව සඳහන් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා රජය හා ඉන්දීය අදානි සමාගම අතර ඇතිකරගත් ගිවිසුමේ අන්තර්ගත කරුණු සහ පෙත්සම්වල අන්තර්ගත කරුණු සැලකිල්ලට ගෙන අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි කරුණු සලකා බැලීමට නියමිත බවත් ඉන් අනතුරුව ඊට අදාළව තීරණයක් ගැනීමට නියමිත බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළා.

වත්මන් අන්තර්වාර අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ස්ථාපිත කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලය විසින් මීට අදාළව ගනු ලබන තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

එතෙක් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වාචිකව අධිකරණයට දන්වා සිටියා.

මෙම කරුණු කෙරෙහි එකඟතාවය පළ කළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන්ගේ වෙනස් වීම් සිදුවී ඇති නිසා ඉදිරියේදී පත්වීමට යෝජිත අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ද වගඋත්තරකරුවන් කරමින් පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

එම ඉල්ලීමට අවසර ලබා දුන් අධිකරණය මෙම කටයුතුවලට අදාළව රජයේ යම් නිරීක්ෂණයක් වේ නම් ඒවා ලබන ජනවාරි මස 31 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29