වියට්නාමය හා තායිවානයට කොනිත්තන චීන රේඩාර් සෙල්ලම – චන්ද්‍රිකා රූපත් එළියට

මතභේදයට තුඩු දී ඇති දකුණු චීන මුහුදේ ගල්පර මත චීන නාවික අංශ විසින් රේඩාර් පද්ධතියක් නිර්මාණය කරමින් සිටින ආකාරය චන්ද්‍රිකා තාක්ෂණයෙන් ඡායාරූපගත වී තිබෙනවා.

‘ද ගාඩියන්’ විදෙස් පුවත් සේවය පැවසුවේ; චීනය මෙම නව රේඩාර් පද්ධතියෙන් බලාපොරොත්තු වී ඇත්තේ පැරසෙල් දූපත් සමූහයේ සහ ට්‍රයිටන් දූපත් සිය මුරපොළ ලෙස කලාපය තුළ තබාගනිමින් සිය නාවික නිරීක්ෂණ හැකියා සහ බලතල පුළුල් කරගැනීම බවයි.

චීනය පැරසෙල් දූපත් සමූහයේ නිරිතදිග කෙළවරේ ට්‍රයිටන් දූපතේ සිය මුරපොල වැඩිදියුණු කරමින්, නැව් නාශක මිසයිල බැටරියක් දියත් කිරීමේ ස්ථානයක් මෙන්ම නවීන රේඩාර් පද්ධතියක් චීනය විසින් ගොඩනගමින් සිටින බව චැතම් හවුස් විසින් කරන ලද විශ්ලේෂණයකින් ඇඟවෙනවා.

එම විශ්ලේෂණ මගින් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙවැන්නක්;

රහස් ගුවන් යානා යැවීමට සහ රහසිගත ලෙස පිටස්තර ගුවන් යානාවලට තර්ජනය කිරීමටත්; අමෙරිකාවේ ගුවන් කටයුතු සීමා කිරීමටත් සහ අමෙරිකානු මිත්‍ර පාක්ෂිකයින්ට චීන ක්‍රියාව දැඩි සංඥාවක් වනු ඇති බව මිචෙල් අභ්‍යවකාශ අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨතමයෙකු වන මයිකල් ඩාම් ප්‍රකාශ කර තිබෙනවා.

ට්‍රයිටන්, හෙක්ටයාර 120ක් පමණ විශාල ගල්පරයක් වන අතර පැරසෙල්ස් මුහුදේ නිරිතදිග කෙළවරේ මෙය පිහිටා තිබෙනවා.

1974 දී වියට්නාමය සමඟ ප්‍රචණ්ඩකාරී ගැටුමකින් පසු චීනය විසින් පාලනය කරන ලද දූපත් සමූහයක් වන මෙයට තායිවානය සහ වියට්නාමය ද හිමිකම් කියනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?