විමල්ට වැඩ වැඩි වෙයි, අල්ලස් කොමිසමෙනුත් පරීක්ෂණයක්

ජනපතිවරයා විසින් ඇමති ධූරයෙන් ඉවත් කල විමල් වීරවංශ මහතා පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන බව වාර්තා වනවා.

ඒ ඔහු 2010 – 2014 කාලයේ දැරූ නිවාස හා නාගරික සංවර්ධන ඇමති ධූරය දැරූ කාලයේ සිදු වූ අක්‍රමිකතාවයක් පිළිබදව.

එම කාලයේ රාජ්‍ය දේපල දේපළ අවභාවිතාව කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් එල්ල වී තිබෙන බව දැනගන්නට තිබෙනවා.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඒ අවධියේ තිබුණේ විමල් වීරවංශ මහතා දැරූ අමාත්‍යාංශය යටතේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන රැසක් අයථා ලෙස පරිහරණය කර ඇති බවට හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී ඇති පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

මේ වන විට ඉංජිනේරු සංස්ථාවේ ප්‍රවාහන කළමනාකාරවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභා වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

එම කාල වකවානුව තුළ සිය ඥාතීන්ට නිවාස ලබාදීම සම්බන්ධයෙන්ද වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?