Empty Ad
Empty Ad
AFC Banner

විභාගයකින් තොරවම ගුරු සේවය ලැබෙයි ද? – දෙපාර්ශ්වයේ තීන්දුවට අධිකරණයෙන් දින දෙයි

මේ වනවිටත් ගුරු සේවයේ නිරත ව සිටින සංවර්ධන නිලධාරින් ගුරුවරුන් ලෙස ගුරු සේවයට අනුයුක්ත කර ගන්නා බවට නීතිපතිවරයා පසුගිය ජූලි මස 22 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දී සමථයක් ඇතිකරගත් නමුත් වර්තමාන රජයේ හෝ එකී සමථකරණය අනුව මේ දක්වා කටයුතු කර නැතැයි පෙත්සම්කාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන්නා.

එම පෙත්සම පෙත්සම්කාර පාර්ශ්වය ගොනු කළ මෝසම් පත්‍රයක් අනුව අද ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදියි කැඳවුණු ලැබුවේ.

අදාළ පෙත්සම පසුගිය ජූලි මස 22 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දී කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා වග උත්තකරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් ගුරු සේවයට අන්තර්ගතකර සිටින සංවර්ධන නිලධාරීන් 25,000කට අධික පිරිසක් විශේෂ සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර සුදුසුකම් සපුරාලන් පිරිස ගුරු සේවයට අනුයුක්ත කරගැනීමට එකඟ වූ බව ද නීතිඥ නුවන් බෝපගේ මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නා.

දෙපාර්ශ්වය අතර ඇති කරගත් එකී සමථකරණ කොන්දේසි මත එම පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොගොස්; අවසන් කරගැනීමට පෙත්සම්කාර පාර්ශ්වය එකඟ වූ බවත් එහිදී විනිසුරු මඬුල්ලට සිහිපත් කළ නීතිඥ නුවන් බෝපගේ මහතා එලෙස පොරොන්දු ප්‍රකාරව කටයුතු නොකර දැනට ගුරු සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්ට විභාගයක් පවත්වා එම ප්‍රතිඵල අනුව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමට තීරණය කිරීම වැරදිසහගත බවයි පැවසුවේ.

වසර ගණනාවක් ගුරු සේවයේ නිරත ව සිටින තමන්ට උපාධිධාරීන් වන බැවින් විභාගයකින් තොරව ම ගුරු සේවයට අනුයුක්ත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ද සංවර්ධන නිලධාරීන් එමගින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල විත්තිකාර දෙපාර්ශ්වය අතර ඇති කරගෙන තිබූ සමථකරණය අනුව ඉදිරි පියවර ගන්නේ ද නැති ද යන කරුණු විමසා බැලීම සඳහා එම පෙත්සම ලබන පෙබරවාරි මස 27 වැනි දා යළි කැඳවීමට ද දින නියම කළා.

එම සමථකරණය අනුව කටයුතු කරන්නේ ද නැති ද යන කරුණු පැහැදිලි කරන වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටයි විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට අද නියෝග කළේ.

සංවර්ධන නිලධාරියෙකු වූ චතුර දේවපුර මහතා ඇතුළු පිරිසක් ගොනු කර තිබූ එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
1
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?