රට විරුවන්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීමේදී අක්‍රමිකතා රැසක්

විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී විශාල අවභාවිතයක් සිදුවී ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වුණා.

මේ පිළිබඳ අනාවරණය වුණේ විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022 මැයි 01 සිට 2023 සැප්තැම්බර් 15 දින දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳ සකස් කරන ලද විශේෂ විගණකාධිපති වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ සභාපතිත්වයෙන් පසුගියදා (02) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී විගණක‍ාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබේදැයි සැක සහිත බවයි.

මේ සම්බන්ධයෙන් සිදුකර තිබූ පූර්ණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීමේදී මේ බව පෙනී යන බව හෙතෙම පෙන්වා දුන්නා.

මෙම කාලසීමාව තුළ වාහන බලපත්‍ර 1077ක් නිකුත් කර තිබූ බවත් එයින් බලපත්‍ර 77ක් අවලංගු වී තිබූ බවත් මෙහිදී පෙන්වා දුන් විගණකාධිපතිවරයා, ප්‍රධාන ආයතන දෙකක් බලපත්‍රලාභීන් 640ක් සඳහා පහසුකම් සපයන ආනයනකරු ලෙස කටයුතු කර ඇති බව කමිටුවට අනාවරණය කළේ.

මේ මගින් බලපත්‍ර නිකුත්කිරීමේ මුවාවෙන් ව්‍යාපාරයක් සිදුවී ඇති බව පැහැදිලිවන බව ඔහු අවධාරණය කර සිටියා.

එසේම 2024 සැප්තැම්බර් 30 දක්වා ආනයනය කර තිබූ වාහන 921ක් සඳහා සුඛෝපබෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන 06 සිට 12 දක්වා ඉහළ දැමීම හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 2.42ක් බව ද මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වා දුන්නා.

අදාළ කාල සීමාවේ විදේශ ගත නොවූ පුද්ගලයින් හතරදෙනෙකු වෙනුවෙන් ද විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බවද මෙහිදී අනාවරණය වූ අතර; මීට අදාළ චක්‍රලේඛය මගින් විද්‍යුත් වාහන බලපත්‍ර හිමිකම ලැබීමට විදේශ ගත වී සිටිය යුතු අවම කාලසීමාවක් නිශ්චය කර නොතිබීම නිසා දින 03 සිට මාස 03 දක්වා වූ කෙටි කාල පරිච්ඡේද තුළ විදේශගතව සිට පැමිණි පුද්ගලයින්ට හා කඩින් කඩ විදේශගත වූ පුද්ගලයින් සඳහා ද මෙම යෝජනා ක්‍රමය යටතේ බලපත්‍ර ලබාදීමට පෙර පැවති කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය වුණා.

මේ අනුව කෝපා කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ හිටපු අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය මත අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් මෙම සියලු අවිධිමත් කටයුතු සිදුකර දී ඇති බවයි.

එසේම මේ හරහා‍ තමන්ගේ තෝරාගත් පිරිසකට වරප්‍රසාද සකසා දීමක් සිදුකර ඇති බව පෙනී යන බව ද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේ.

තවද පැමිණ සිටි නිලධාරියෙක් මෙහිදී පෙන්වා දුන්නේ රාජ්‍ය සේවකයෙක් ලෙස සෘජුව කටයුතු කිරීමේ නොහැකියාවක් මෙම යෝජනා ක්‍රමයට අනුබද්ධව සේවය කිරීමේ දී ඇති වූ බවත් මේ හේතුවෙන් තමන් සේවා මාරුවක් ලබාගත් බවයි.

මේ අනුව මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස සහ මීට අදාළ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුව නිර්දේශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14