ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තු කමිටුවල දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (05) පැවැත්වුණා.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්‍යාලයේ දියි.
පසුගිය ජනවාරි 29 වැනි දා ද විපක්ෂයේ පක්ෂ සියල්ලගේම නායකයන් හමු වී මෙවැනිම සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙය එම සාකච්ඡාවේ දිගුවක් ලෙස හැඳින්විය හැකි වනවා.
මේ අවස්ථාව සඳහා ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, රිෂාඩ් බදියුදීන්, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, රවී කරුණානායක, ජීවන් තොන්ඩමන්, සිවඥානම් ශ්‍රීදරන්, පී. සත්‍යලිංගම්, ඒ. අඩෙක්කලනාදන්, ගජේන්ද්‍රකුමාර පොන්නම්බලම්, රවුෆ් හකීම්, නසීම් කාරිඅප්පර්, වී රාධාක්‍රිෂ්ණන්, අනුරාධ ජයරත්න, ඩී. වී චානක, කාදර් මස්තාන් ඇතුළු පිරිසක් එක් වූ බවයි වාර්තා වන්නේ.





