විපක්ෂ නායකට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් ගැන තොරතුරක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලක කර ගනිමින් ස්නයිපර් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ 117 හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේ දී අනාවරණයක් සිදුකළා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ලොකු පැටී යන අයගේ කණ්ඩායමේ හිතවතෙකු විසින් මෙම සැලසුම් සකස්කරන බවට අදාළ තොරතුර මගින් හෙළිකළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අදාළ තොරතුර අසත්‍ය තොරතුරක් බවත්, කිසියම් පුද්ගලයෙක් අපහසුතාවයට පත් කිරීම සඳහා ලබාදුන් තොරතුරක් බවටත් අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ මේ පිළිබදව තව දුරටත් විමර්ශන සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
32
+1
1
+1
2
+1
1
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43