AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂයේ අපේක්ෂකයින්ගේ ඡන්ද පොරොන්දු ක්‍රියාත්මක වුණොත් IMF නැතිවෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම්ගත වීම් යම් කිසි මොහොතක බිඳ වැටුණහොත්; යළිත් එම අරමුදල මෙරටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

විපක්ෂයේ අපේක්ෂකයන් විසින් ලබා දෙන පොරොන්දු ක්‍රියාත්මක වුවහොත් ඒ මො‍හොතේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මෙරටට අහිමි වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

ඒ සමග මෙරට විදෙස් ණය හිමියන් සහ පෞද්ගලික බැඳුම්කර හිමියන් සමග ඇති කරගෙන තිබෙන එකඟතා ද අහිමි ව රට බරපතළ අර්බුදයකට ගමන් කිරීමේ අවදානමක් තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දැඩි බදු බරකින් පීඩා විඳින ජනතාවට ඉන් ලබන වසරේ සිට සහන සැලසෙන බවත්; ඒ අනුව එම වසරේ අප්‍රේල් සිට බදු අඩු කිරීම ක්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?