විනිසුරු වැටුපෙන් බදු අය කර ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

විනිසුරුවරුන්ගේ වැටුප් වලින් “උපයන විට ගෙවීමේ බද්ද” අඩු කරගැනීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ හා මහේස්ත්‍රාත් වරුන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය විසින් විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ධ අඩු කර ගැනීම වළක්වාලමින් ඊයේ (25) තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සඳහන් කර තිබෙන්නේ ඇතැම් විනිසුරුවරුන්ගෙන් දැනටමත් මෙම බද්ද වැටුපෙන් අඩු කර ගැනීමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව මීට අදාළව කරුණු දැක්වීම සඳහා තමන්ට අවස්ථාව ලබා දෙන ලෙසත් නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව පෙත්සම ලබන 09 වන දා කැඳවීමට නියමිතව තිබෙනවා.

මෙම පෙත්සම් බල වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර විනිසුරු සංගම් කියා සිටින්නේ විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අඩු කර ගැනීම සුදුසු නොවන බවත් එය ව්‍යවස්ථාපිත නීතියට පටහැනි බවයි.

ඒ අනුව එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15