විනිවිදභාවය හා යහපාලනය ප්‍රවර්ධනයට පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවෙන් පියවර රැසක්

විනිවිදභාවය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ ආංශික අධීක්ෂණ කාරක සභා මෙන්ම අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීම ඇතුළු සාධනීය පියවර රැසක් පසුගිය කාලය තුළ ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විනිවිදභාවය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම’ යන තේමාව යටතේ ලෝක සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවේ දී පසුගිය 06 වනදා පැවති විශේෂ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක මෙම නව සාධනීය පියවර මගින් ප්‍රතිපත්ති සම්පාදනය වඩාත් ජනතාවාදී ලෙස සිදුකිරී‍මටත් මූල්‍ය පාලනය ඇතුළු කටයුතු වඩාත් විනිවිදබවකින් සහ වගවීමක් යටතේ ඉටුකිරීමටත් හැකි වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ආසියා පැසිෆික් කලාපයේ සාමය සඳහා වූ ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ (ISCP) සභාපති, ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයෙන් පැවැති මෙම සමුළුවේ මුලසුන කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් හොබවනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ආරාධිතයා ලෙස මේ සඳහා එක් වූ අතර, මෙම සමුළුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමග විශ්ව සාම සම්මේලනය (UPF) සහ එහි අනුබද්ධ සංවිධාන වන සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලය (ISCP) සහ සාමය සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය (IAPP) එක්ව සංවිධානය කර තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසා සිටියේ දූෂණය වැළැක්වීම සදහා දූෂණ විරෝධි පනත පසුගිය කාලය තුළ සම්මත කිරීමට හැකිවීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි.

කලාපීය රටවල් අතුරින් ප්‍රබලතම දූෂණ විරෝධි පනතක් ලෙස මෙය හදුන්වා දිය හැකි බවත් කථානායකවරයා පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දැක් වූ ආසියා පැසිෆික් කලාපයේ සාමය සඳහා වූ ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ (ISCP) සභාපති, ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ බොහෝ යුධ ගැටුම් පවතින අන්තර්ජාතික වාතාවරණයක යුධ මානසිකත්වයෙන් සිටින ඇතැම් ලෝක බලවතුන් රෝගීන්, කුසගින්නේ සිටින දහස් ගණනක් ජනතාව පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි.

සියලු දෙනා එකට එක්ව ලෝක සාමය සදහා කැපවිය යුතු බව ද ඔහු එහිදී පැවසුවා.

එමෙන්ම ලෝක සාමය සදහා ලංකාව අනුගමනය කරන ආකාරයේ මධ්‍යස්ථ එනම් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් මුළු ලොවටම අවශ්‍ය බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීරට මෙහිදී විශ්ව සාම සම්මේලනය (UPF) විසින් ‘සාමය සඳහා තානාපති’ (Ambassador for Peace) යන ගෞරව සහතිකය පිරිනැමීම ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58