විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට බිලියන 03 පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදීමට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් භාර දුන්නා.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේ දී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම,වී මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් මෙම මුදල ලබා දී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මීට පෙර වරින් වර මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති මුළු මුදල රුපියල් මිලියන 3,382ක් වන අතර, එකවර රුපියල් බිලියන තුනක මුදලක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට රුපියල් මිලියන 500ක ප්‍රදානයක් සිදුකිරීමට ද පියවර ගෙන ඇති අතර, ඉන් රුපියල් මිලියන 100 කට අදාළ චෙක්පත ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුව එම චෙක්පත සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාරදින සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !