විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොසන්සුන්තාව සමනය කෙරේ

වර්ෂ අවසාන බෝනස් මුදල් ගෙවීම සඳහා මෙතෙක් අනුමැතිය නොලැබීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිර්මාණය වූ නොසන්සුන්තාව මේවන විට යම්තාක් දුරකට සමනය කර තිබෙනවා.

කොරියාව ප්‍රමුඛ රටවල විදෙස් රැකියා අපේක්ෂාවෙන් පසුවන පිරිසගේ විදෙස්ගත කිරීමේ කටයුතු අඩාළ කළ නොහැකි බැවින් සේවක පිරිසගේ අවබෝධය තුළ තාවකාලිකව තත්ත්වය සමනය කර ගත් බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළේ.

සේවකයන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. වාර්ෂික බෝනස් මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අද දහවල් නොසන්සුන්තාවක් ඇතිවුණා.

ඒ සේවකයන් එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා කාර්යාල අඩස්සියට ගැනීම හේතුවෙන්.

අමාත්‍යවරයා පෙන්වාන දෙන්නේ මෙම සේවකයන්ට බෝනස් ලැබිය යුතු අතර ආයතනය ලාබ ද ලබාගෙන වාර්ෂික ඉලක්ක ද සම්පූර්ණ කර ඇති බවයි.

ලාබ නොලබන රජයෙන් නඩත්තු වන ඇතැම් ආයතන ද බෝනස් මුදල් ලබාදී තිබියදී තමන්ට අසමාන ලෙසට සැලකීම සම්බන්ධයෙන් සේවකයන් අතර උණුසුම්කාරී තත්වයක් ඇතිවූ බව අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කළා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර විසඳා ගැනීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?