විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොසන්සුන්තාව සමනය කෙරේ

වර්ෂ අවසාන බෝනස් මුදල් ගෙවීම සඳහා මෙතෙක් අනුමැතිය නොලැබීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිර්මාණය වූ නොසන්සුන්තාව මේවන විට යම්තාක් දුරකට සමනය කර තිබෙනවා.

කොරියාව ප්‍රමුඛ රටවල විදෙස් රැකියා අපේක්ෂාවෙන් පසුවන පිරිසගේ විදෙස්ගත කිරීමේ කටයුතු අඩාළ කළ නොහැකි බැවින් සේවක පිරිසගේ අවබෝධය තුළ තාවකාලිකව තත්ත්වය සමනය කර ගත් බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළේ.

සේවකයන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. වාර්ෂික බෝනස් මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අද දහවල් නොසන්සුන්තාවක් ඇතිවුණා.

ඒ සේවකයන් එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා කාර්යාල අඩස්සියට ගැනීම හේතුවෙන්.

අමාත්‍යවරයා පෙන්වාන දෙන්නේ මෙම සේවකයන්ට බෝනස් ලැබිය යුතු අතර ආයතනය ලාබ ද ලබාගෙන වාර්ෂික ඉලක්ක ද සම්පූර්ණ කර ඇති බවයි.

ලාබ නොලබන රජයෙන් නඩත්තු වන ඇතැම් ආයතන ද බෝනස් මුදල් ලබාදී තිබියදී තමන්ට අසමාන ලෙසට සැලකීම සම්බන්ධයෙන් සේවකයන් අතර උණුසුම්කාරී තත්වයක් ඇතිවූ බව අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කළා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර විසඳා ගැනීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32