විදේශ සංචිතය වැඩිවීම කැළණියේ නයාගේ කතාව වගේ එකක් – මන්ත්‍රී හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාව දැවැන්ත විනිමය අර්බුදයට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් නිළ විදේශ සංචිතය ඩොලර් බිලියන 3.1 ක් දක්වා වැඩිවී ඇතැයි සිදුකරමින් තිබෙන මාධ්‍ය සංදර්ශනය තවදුරටත් මුළු රටම රැවටීමක් පමණක් යැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටිනවා.

ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වැනි වගකිව යුතු ආයතනයක් මෙම සංචිත වැඩිවූ ආකාරය පිළිබඳව මූලාශ හෙළි කිරීමෙන් හිතාමතාම වැලකී ඇති බවයි. වර්තමාන ආණ්ඩුව පිළිබඳව ජනතාව තුළ තිබෙන ප්‍රතිරූපය දිනෙන් දිනම බිඳවැටෙමින් තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි අධිපතිවරයා විසින් ජනතාවට සත්‍ය වසන් කරමින් ව්‍යාජ චිත්‍රයක් මතුකරමින් සිටින්නේයැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ.

“අපි උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටිනවා. ගෑස්, කිරිපිටි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්නවත් ඩොලර් නෑ. මෙම විදේශ විනිමය අර්බුදය විසඳීමට කෙටි කාලීන ප්‍රවේශයක් ලෙස මූල්‍ය අරමුදලට යන්නැයි විද්වතුන් උපදෙස් දුන්නත් මේ ආණ්ඩුව ඒක ගණන් ගත්තේ නෑ. දැන් මහ බැංකු අධිපතිවරයා සුපර් මෑන් කෙනෙක් විදිහටයි කතා කරන්නේ. කිව්ව විදිහට විදේශ සංචිතය වැඩි කළාලු. එහෙනම් හෙට ඉඳල සියළු ප්‍රශ්න විසඳෙන්න ඕන. කාවද මේ රවටන්නේ? මේ සංචිත වැඩිවීමත් අර කැළණියේ නයා වගේ කතාවක්. අපිට ආරංචි වෙන විදිහට මේ සංචිත වැඩිකරගෙන තියෙන්නේ චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10 කින්. ඒවා වියදම් කරන්න පුළුවන් යම් යම් සීමාවන්ට යටත් වී පමණයි.“

දේශපාලකයින් විසින් දිගුකාලීනව රටට සත්‍ය වසන් කිරීමත් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජනතාව පිනවීමත් නිසා රට මේ ආකාරයෙන් අගාධයට ගියබව පෙන්වා දුන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ රට මුහුණ දෙන සැබෑ විදේශ විනිමය අර්බුදය වසන් කරමින් මේ ආකාරයෙන් මාධ්‍ය සංදර්ශන ඉදිරිපත් කිරීමෙන් රට තව තවත් අගාධයටම ගමන් කරන බවයි.

“මේ ආණ්ඩුවට දිගුකාලීන දැක්මක් නෑ. එදා වේල ටුවර්ස් තමයි වැඩ කරන්නේ. නිළ විදේශ සංචිතය කොහෙන් හරි අතමාරුවක් අරගෙන කෙටි කාලයකට වැඩිකරගෙන ගහන්න තියන හැම කරණමක්ම ගහනවා. මේකට කියන්න තියෙන්නේ නැව ගිලුණත් බෑන් චූන් කියලයි. අපිට ඩොලර් බිලියන 3.1 ක් හැරෙන්නවත් මදි. ටික දවසක් මේ සතුට තියේවි. ආයිත් අර පරණ දුකටම වැටෙනවා. මේ නිසා, මෙම විදේශ විනිමය අර්බුදය පිළිබඳව මීට වඩා වගකීමකින් කටයුතු කර එය දිගුකාලීනව තිරසාරව විසඳාගන්නා මාර්ගයකට අපි රටක් විදිහට අවතීර්ණ විය යුතුයි. මේ මාධ්‍ය සංදර්ශන වලින් නම් රටට වැඩක් වෙන එකක් නෑ.“

මේ වනවිට, මෙරට වෙළෙඳපොළේ තිබෙන ඩොලර් ප්‍රමාණයත් මහ බැංකුව අළුත් නීති රීති දමමින් ඇද ගනිමින් සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31