විදේශ රැකියා ගැටලු සභාපතිට කියන්න ජනතාවට අවස්ථාවක්

විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ ව හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවාවන්ට අදාළව මෙතෙක් නොවිසඳුණු ගැටලු සෘජුවම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට ඉදිරිපත් කිරීමට අවස්ථාව මහජනතාවට ලබාදීමේ විශේෂ වැඩසටහනල් හඳුන්වා දී තිබෙනවා.

“සභාපතිට කියන්න – Talk to Chairman” නම් මෙම වැඩසටහන මගින් අදාළ ගැටලු සෘජුවම සභාපතිවරයා වෙත යොමු කරන අතර, ඒ සඳහා සිය පෞද්ගලික අවධානය යොමු කරමින් ඊට කඩිනමින් විසඳුම් ලබාදීමට කාර්යාංශ සභාපතිවරයා කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

අභිනවයෙන් කාර්යාංශයට පත් වූ නව සභාපති කෝෂල චික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව මෙම වැඩසට‍හන ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවෙන් විශේෂ ඒකකයක් ද කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ ස්ථාපනය කර තිබෙනවා.

මීට අමතරව, පැමිණිලි පෙට්ටියක් ද ස්ථාපනය කර ඇති අතර, ඊට යොමු කරන පැමිණිලි සඳහා ද විසඳුම් ලබාදීමට කටයුතු කෙරෙනු ඇති.

0112 – 864188 දුරකථන අංකය ඔස්සේ ද පැමිණිලි භාරගනු ලැබීම සිදු කෙරෙනවා.

0717 593 593 යන Whatsapp අංකය ඔස්සේ හා [email protected] ලිපිනය ඔස්සේ ද පැමිණිලි යොමු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.

විගමණික ප්‍රජාවගේ ගැටලු විශ්වාසවන්තව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හා කාර්යාංශය මගින් වඩාත් හිතකර හා සුහදශීලි සේවාවක් ජනතාවට ලබාදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, සම්ප්‍රදාය අබිබවා නව වෙනසක් ලෙසින් කාර්යාංශය ජනතාවට සමිප කිරීම මෙමගින් බලාපොරොත්තු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25