විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් කඳුකරයේ විශේෂ චාරිකාවක (ඡායාරූප)

වසර 75ක නිදහස සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් ශ්‍රී ලංකාවේ කඳුකරයේ විශේෂ චාරිකාවක නිතර වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් සහ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්තපත්‍ර බාර දුන් නවදිල්ලියේ සිට මෙරට රාජකාරියේ නිරත විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් 09 දෙනකු සඳහා හඳුනාගැනීමේ විශේෂ “ඇල්ල ඔඩිසි” චාරිකාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සංවිධානය කර තිබුණා.

ඇල්ල ඔඩිසි චාරිකාව ශ්‍රී ලංකාවේ නිදහස මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන්ට 75 වසරක් සැපිරීම සනිටුහන් කරමින් සංවිධානය වූ අතර එය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ කල්පවත්නා සබඳතා තවදුරටත් පිළිඹිබු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මනරම් කඳුකරය නැරඹීම සඳහා සංවිධානය කෙරුණ මෙම චාරිකාව ජූලි 01 සිට 03 වනදා දක්වා සිදු කෙරුණා.

මෙරට යටත් විජිත අතීතය සිහිපත් කරන විශේෂිත දුම්රියක් වන වයිස්රෝයි ස්පෙෂල් (Viceroy Special) දුම්රියෙන් දූත පිරිස මෙම චාරිකාවේ නිරත වී තිබෙනවා. රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඇල්ල මාර්ගය ඔස්සේ ශීත කඳුකරයට මහනුවර සිට නුවරඑළිය දක්වා ගමන් ගන්නා අතරතුර, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, ආගන්තුක සත්කාරය විඳිමින් ශාන්ත ක්ලෙයාර් ඇල්ල, ජෛව විවිධත්වයෙන් යුත් නකල්ස් කඳුවැටිය සහ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය පිහිටි පට්ටිපොල ද රට අභ්‍යන්තරයේ සශ්‍රීක හා මීදුම සහිත කඳුකර භූ දර්ශනවල සැඟවී ඇති වික්‍රමයන් ද අත් විදිමින් ගමන් කළා. අතීත යුගයේ භාවිතා කළ දුම්රිය සංඥා ක්‍රියාවලියක් සහ තවමත් මෙරට දුම්රිය මාර්ගවල ඉතා සූක්ෂම ලෙස පිළිපදින සංඥා ටැබ්ලට් පද්ධතිය නැරඹීමට ද ඔවුන්ට අවස්ථාව සැළසී තිබෙනවා.

තවද මෙම දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් ගන්නා විට දැකිය හැකි 20 වන සියවසේ විශ්මය ජනක ඉදිකිරීමක් වන ඇල්ල ආරුක්කු නවයේ පාලම සහ දෙමෝදර දුම්රිය ගැටය ද මෙම විදේශීය දූත පිරිසට නැරඹීමේ අවස්ථාව උදා වුණා.

යටත් විජිත ඉතිහාසයෙන් හා ශ්‍රේෂ්ඨත්වයෙන් පිරුණු ජාතික උරුමයක් වන නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේදී විදේශිකයන් අතර ජනප්‍රිය ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය භුක්ති විඳීමට ද පේද්‍රෝ තේ වතුයායෙදී ලෝකප්‍රකට “ සිලෝන් ටී” තේ කෝප්පයක රස බැලීමට ද ඔවුන්ට අවස්ථාව හිමි වීම විශේෂත්වයක්.

නුවරඑළිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හමුවීමට ද මෙම දූත මණ්ඩල ප්‍රධානීන්ට අවස්ථාව හිමි වුණා.

මෙම විශේෂ චාරිකාවට අනුග්‍රහය දක්වන ලද්දේ ඊට සහභාගි වූ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසිනුයි.

කඳුකරයේ විශේෂ චාරිකාව හරහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ 75 වසරක ඵලදායි සබඳතාවය සිහිපත් කරන අතර ශ්‍රී ලංකාවේ ඇති විවිධ ස්ථානීය වටිනාකම් සහ සංචාරක ආකර්ෂයන් ප්‍රවර්ධනය කිරීමට ද එය ඉවහල් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

එසේම රට නැවත ස්ථාවරත්වයට පත්ව ඇති බවටත් මෙරට විශිෂ්ඨ සබඳතා සහ ශ්‍රී ලාංකිකයන්ගේ විවෘත, මිත්‍රශීලීත්වය ලොවට අවධාරණය කිරීමටත් මෙමඟින් අවස්ථාව හිමි වූ බවයි ඔවුන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?