AFC Banner
Empty Ad
Empty Ad

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගයක් ගැනඅලුත් තීන්දුවක්

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් පුද්ගලික සමාගමකින් ලබා ගැනීම වළකාලමින් පනවා තිබු අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශ්වයේ ද එකඟත්වය ඇති ව
සිදු කිරීමට අභියාචනාධිකරණ‍ය තීරණය කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; අදාළ අතුරු නියෝගය නිසා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු ඇතිවීම හේතුවෙන් මෙම නියෝගය වෙනස් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඉල්ලා සිටි බවයි.

ඒ අනුව පෙත්සම්කාර එපිල් ලංකා පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහජනතාවට සිදුවන අපහසුතාව සැලකිල්ලට ගෙන එකී නියෝගය වෙනස් කිරීම සම්බන්ධයෙන් එකඟත්වය පළ කර තිබෙනවා.

ඒ අනුව අදාළ නියෝගය වෙනස් කිරීමටයි අධිකරණය නියෝග කළේ.

එමෙන්ම ‘E විදෙස් ගමන් බලපත්‍ර’ මිලියන 05ක් මිල දී ගැනීම සඳහා ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කිරීමට ද අභියාචනාධිකරණය නියෝග කෙරුණා.

අනතුරුව අදාළ පෙත්සම ලබන නොවැම්බර් 06 වැනිදා කැඳවීමට නියෝග කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?