විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගයක් ගැන අලුත් තීන්දුවක්

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් පුද්ගලික සමාගමකින් ලබා ගැනීම වළකාලමින් පනවා තිබු අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශ්වයේ ද එකඟත්වය ඇති ව
වෙනස් කිරීමට අභියාචනාධිකරණ‍ය තීරණය කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; අදාළ අතුරු නියෝගය නිසා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු ඇතිවීම හේතුවෙන් මෙම නියෝගය වෙනස් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඉල්ලා සිටි බවයි.

ඒ අනුව පෙත්සම්කාර එපිල් ලංකා පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහජනතාවට සිදුවන අපහසුතාව සැලකිල්ලට ගෙන එකී නියෝගය වෙනස් කිරීම සම්බන්ධයෙන් එකඟත්වය පළ කර තිබෙනවා.

ඒ අනුව අදාළ නියෝගය වෙනස් කිරීමටයි අධිකරණය නියෝග කළේ.

එමෙන්ම ‘E විදෙස් ගමන් බලපත්‍ර’ මිලියන 05ක් මිල දී ගැනීම සඳහා ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කිරීමට ද අභියාචනාධිකරණය නියෝග කෙරුණා.

අනතුරුව අදාළ පෙත්සම ලබන නොවැම්බර් 06 වැනිදා කැඳවීමට නියෝග කෙරුණු බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17