AFC Banner
AFC Banner
Empty Ad

විදේශ ගමන් බලපත්‍රය දවස් තුනෙන් – පදිංචිය කොළඹ නම් දවස් දෙකයි

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසනවා.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ, අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි අයෙකුට තම විදේශ ගමන් බලපත්‍රය දින 03ක් වැනි කෙටි කාලයක් තුළ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍රය සඳහා අයඳුම් කළ හැකි අතර, අනතුරුව ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් පසුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් කටයුතු සිදුකළ යුතු වනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක මේ වන විටත් ඇඟිලි සළකුණු ලබාගැනීමේ යන්ත්‍ර ඇතුළු අවශ්‍ය උපකරණ ස්ථාපිත කර තිබෙන බව ද ඔහු සඳහන් කර සිටියා.

මෙම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව කූරියර් සේවාවක් ද හඳුන්වාදී ඇති බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය,

“විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සදහා නීතිවිරෝධී ආකාරයට තැරැව්කරුවන් මැදිහත් වන බවට පසුගිය දිනවල මාධ්‍ය මගින් බොහෝ අනාවරණ සිදු කෙරුණා. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් එවන් නීතිවිරෝධි කටයුතු වැළක්වීම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස උපදෙස් ලබා දෙනු ලැබුවා. ඒ අනුව අප විසින් නිර්මාණය කළ එම නව වැඩසටහන මෙම ජුනි මස තුළදී ජනගත කිරීමට සැලසුම් කර තිබෙනවා.මෙම නව ක්‍රමවේදයට අනුව යම් අයෙකුට නිවසේ සිටිම මෙම සේවාව ලබා ගත හැකියි. www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීම (මාර්ගගත ක්‍රමය) කියන ස්ථානයට පැමිණ දත්ත ඇතුළත් කිරීමෙන් පසු ලියාපදිංචි කර ගැනීම සිදු කෙරෙනවා. අනතුරුව අයදුම්කරු වෙත අදාළ අයදුම්පත යොමු කෙරෙන අතර එය සම්පූර්ණ කර අදාළ ලියකියවිලිවල මෘදු පිටපත උඩුගත කිරීමෙන් පසු තමාට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය දින 03කින් ද, සති 02ක සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ද යන්න සළකුණු කළයුතුයි.මෙම ක්‍රියාවලියෙන් පසුව තමන්ගේ ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ඇඟිලි සළකුණ ලබාදී මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් සිදු කළයුතුයි. යම් අයෙකුට අදාළ ක්‍රියාවලිය නිවසේ දී කර ගැනීමට නොහැකිනම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අනුමත ඡායාරූප ශාලාවකට ගොස් එම කටයුතු ඉටු කරගත හැකියි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇගිලි සළකුණු ලබාදීමෙන් අනතුරුව යම් අයෙකුට මාර්ගගත පහසුකම යටතේ අදාළ ගෙවීම් කළ නොහැකි නම් ඒ සඳහාද පහසුකම් සළසා තිබෙනවා. ඇගිලි සළකුණු ලබාදීමෙන් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සෑම අයඳුම්කරුවෙකු සඳහාම අංකයක් ලබා දෙන අතර එම අංකය ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ඉදිරිපත් කළ විට බැංකුව එම මුදල් අප දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සලස්වනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක මේ වන විටත් ඇඟිලි සළකුණු ලබාගැනීමේ යන්ත්‍ර, කැමරා ස්ථාපිත කර තිබෙන අතර මෙම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව කූරියර් සේවාවක් ද හඳුන්වාදී තිබෙනවා. කුරියර් විධි ක්‍රමයට ගමන් බලපත්‍රය නිවසට ගෙන යාමට අදාළව මේ වන විට අප තැපැල් දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගතව සිටිනවා. තැපැල් දෙපාර්තමේන්තුව අප වෙත සඳහන් කර ඇති ආකාරයට කොළඹ නගරය තුළ අයදුම්කරුවන් වෙනුවෙන් දින 02ක් තුළ විදේශ ගමන් බලපත්‍රය නිවසටම ලැබීමට සලස්වනවා. ඉන් පරිභාහිර අයඳුම්කරුවන් සදහා දින 03කින් තමන්ගේ නිවසටම විදේශ ගමන් බලපත්‍රය ලැබෙනු ඇතියි. එහිදී සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීමට ද පියවර ගෙන තිබෙන අතර දැනට පවතින නවීන තාක්ෂණය ඒ සඳහා උපරිමයෙන් භාවිතයට ගැනීමට කටයුතු කර තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
81
+1
5
+1
29
+1
6
+1
2
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?