විදේශ ගමන් බලපත්‍රය දවස් තුනෙන් – පදිංචිය කොළඹ නම් දවස් දෙකයි

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසනවා.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ, අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි අයෙකුට තම විදේශ ගමන් බලපත්‍රය දින 03ක් වැනි කෙටි කාලයක් තුළ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍රය සඳහා අයඳුම් කළ හැකි අතර, අනතුරුව ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් පසුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් කටයුතු සිදුකළ යුතු වනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක මේ වන විටත් ඇඟිලි සළකුණු ලබාගැනීමේ යන්ත්‍ර ඇතුළු අවශ්‍ය උපකරණ ස්ථාපිත කර තිබෙන බව ද ඔහු සඳහන් කර සිටියා.

මෙම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව කූරියර් සේවාවක් ද හඳුන්වාදී ඇති බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය,

“විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සදහා නීතිවිරෝධී ආකාරයට තැරැව්කරුවන් මැදිහත් වන බවට පසුගිය දිනවල මාධ්‍ය මගින් බොහෝ අනාවරණ සිදු කෙරුණා. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් එවන් නීතිවිරෝධි කටයුතු වැළක්වීම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස උපදෙස් ලබා දෙනු ලැබුවා. ඒ අනුව අප විසින් නිර්මාණය කළ එම නව වැඩසටහන මෙම ජුනි මස තුළදී ජනගත කිරීමට සැලසුම් කර තිබෙනවා.මෙම නව ක්‍රමවේදයට අනුව යම් අයෙකුට නිවසේ සිටිම මෙම සේවාව ලබා ගත හැකියි. www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීම (මාර්ගගත ක්‍රමය) කියන ස්ථානයට පැමිණ දත්ත ඇතුළත් කිරීමෙන් පසු ලියාපදිංචි කර ගැනීම සිදු කෙරෙනවා. අනතුරුව අයදුම්කරු වෙත අදාළ අයදුම්පත යොමු කෙරෙන අතර එය සම්පූර්ණ කර අදාළ ලියකියවිලිවල මෘදු පිටපත උඩුගත කිරීමෙන් පසු තමාට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය දින 03කින් ද, සති 02ක සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ද යන්න සළකුණු කළයුතුයි.මෙම ක්‍රියාවලියෙන් පසුව තමන්ගේ ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ඇඟිලි සළකුණ ලබාදී මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් සිදු කළයුතුයි. යම් අයෙකුට අදාළ ක්‍රියාවලිය නිවසේ දී කර ගැනීමට නොහැකිනම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අනුමත ඡායාරූප ශාලාවකට ගොස් එම කටයුතු ඉටු කරගත හැකියි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇගිලි සළකුණු ලබාදීමෙන් අනතුරුව යම් අයෙකුට මාර්ගගත පහසුකම යටතේ අදාළ ගෙවීම් කළ නොහැකි නම් ඒ සඳහාද පහසුකම් සළසා තිබෙනවා. ඇගිලි සළකුණු ලබාදීමෙන් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සෑම අයඳුම්කරුවෙකු සඳහාම අංකයක් ලබා දෙන අතර එම අංකය ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ඉදිරිපත් කළ විට බැංකුව එම මුදල් අප දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සලස්වනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක මේ වන විටත් ඇඟිලි සළකුණු ලබාගැනීමේ යන්ත්‍ර, කැමරා ස්ථාපිත කර තිබෙන අතර මෙම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව කූරියර් සේවාවක් ද හඳුන්වාදී තිබෙනවා. කුරියර් විධි ක්‍රමයට ගමන් බලපත්‍රය නිවසට ගෙන යාමට අදාළව මේ වන විට අප තැපැල් දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගතව සිටිනවා. තැපැල් දෙපාර්තමේන්තුව අප වෙත සඳහන් කර ඇති ආකාරයට කොළඹ නගරය තුළ අයදුම්කරුවන් වෙනුවෙන් දින 02ක් තුළ විදේශ ගමන් බලපත්‍රය නිවසටම ලැබීමට සලස්වනවා. ඉන් පරිභාහිර අයඳුම්කරුවන් සදහා දින 03කින් තමන්ගේ නිවසටම විදේශ ගමන් බලපත්‍රය ලැබෙනු ඇතියි. එහිදී සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීමට ද පියවර ගෙන තිබෙන අතර දැනට පවතින නවීන තාක්ෂණය ඒ සඳහා උපරිමයෙන් භාවිතයට ගැනීමට කටයුතු කර තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
81
+1
5
+1
29
+1
6
+1
2
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56