AFC Banner
Empty Ad
Empty Ad

විදේශීය නෞකාවක් ත්‍රී’මලේ වරායේ රඳවා ගනියි

ගාලු මුහුදේ දී ධීවර යාත්‍රාවක් සහ විදෙස් යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් ධීවරයින් තිදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළ ව එම යාත්‍රාව නාවික නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමලය වරායේ රඳවා ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම් දී තිබෙනවා.

ත්‍රිකුණාමල වරායේ නියෝජ්‍ය මාස්ටර්, කපිතාන් ශ්‍රියන්ත සර්මන් පැවසුවේ, ලිබියාවේ සිට බංග්ලාදේශය බලා පොහොර පටවාගත් “කමාන්ඩර්-කේ” නෞකාව ඉන්ධන පිරවීම සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණි අවස්ථාවේ දී ගාලු වරායෙන් ලබා දුන් තොරතුරු මත මෙම රැඳවුම් භාරයට ගත් බවයි.

ගාල්ල වරාය පොලිසියේ හා ත්‍රිකුණාමලය වරාය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්.ඒ. රණවීර ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම නෞකාව රඳවාගෙන සිටින අතර නෞකාව වෙත ගොස් එහි කපිතාන්වරයාගෙන් සිදුවීම පිළිබඳ ව ප්‍රකාශයක් ද ලබාගැනුණා.

කපිතාන්වරයා කියා සිටියේ තම යාත්‍රාව ඉන්ධන ලබා ගැනීම සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණෙන තෙක් ධීවර යාත්‍රාවේ ගැටුණු බව තමන් නොදැන සිටි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?