AFC Banner
AFC Banner
Empty Ad

විදේශීය දුම්වැටි 2000ක් සමඟ සැකකරුවෙකු ජා ඇල දී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි 2000ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාව, පොලිසිය සමග එක්ව කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (17) ජාඇල ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි.

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව, ජා ඇල පොලිසිය සමග විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකරනු ලැබුවා.

එහිදී, ජාඇල ඒකල මාර්ගයේ ගමන් කළ සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී, ඔහු සන්තකයේ තිබී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි විදේශීය දුම්වැටි 2000 ක් සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක් වන තරුණයෙකු බවට හඳුනා ගෙන ඇති අතර, ඔහු සහ විදේශීය දුම්වැටි 2000ක තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා ජා ඇල පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?